Friday, April 6, 2012

resistor|රෙසිස්ටර්












ඉලෙක්ට්‍රෝනික බාන්ඩ වල බහුලව දැකිය හැකි උපාංගයක් ලෙස හදුන්වා දිය හැක්කේ රෙසිස්ටර් නොහොත් ප්‍රතිරෝධකයයි පරිපතයකට ප්‍රතිරෝදක යෙදු විට එය තුලින් ගමන්  ගන්නා විදුලි ධාරාව එයට යොදා ඇති ප්‍රතිරෝදක වල ප්‍රතිරෝදී අගය අනුව පාලනය වේ එනම් පරිපථයක් තුලින් ගමන් ගන්නා විදුලි ධාරාව අවශ්‍ය ලෙස පාලනය කිරීම සදහා ප්‍රතිරෝදක යොදාගනු ලබයි  පරිපථ වලට ප්‍රයෝගිකව දීම සදහා අපගේ අවශ්‍යතාව අනුව විවිද ප්‍රතිරෝදක වෙළදපලෙන් මිලදීගත හැකිය එමෙන්ම මෙම ප්‍රතිරෝදක ප්‍රදාන කොටස් තුනකට බෙදා දැක්විය හැක
  1.   ස්ථිර ප්‍රතිරෝදක
  2.   විචල්‍ය ප්‍රතිරෝදක
  3.   විශේෂ ප්‍රතිරෝදක
පරිපථයක විදුලි ගමනට ප්‍රතිරෝදක මගින් ඇති කරන බාදක ප්‍රමාණය මැන දක්වන්නේ  ඕම් (Ω) නමැති ඒකකයෙනි ඕම් යන්නෙහි සංකේතය ග්‍රීක ඔමේගා  (Ω) අකුරයි වඩා වැඩි ඕම් අගයන් කිලෝ ඕම් () සහ මෙගා ඕම් () යන අගයන්ගෙන් දක්වනු ලබයි
ඕම් ප්‍රමාණ සමග එම එකක දක්වන සම්බන්ධතා
  1.   1000Ω=1(කිලෝ ඕම් )
  2. 1000=1(මෙගා ඕම් )
  3. 1000000 Ω=1(මෙගා ඕම්)
ප්‍රතිරෝදක බොහෝ දුරට ක්‍රියාත්මක වන්නේ විද්‍යුතයේ එන ඕම් Ω නියමයනට අනුවය එම නියමයට අනුව සන්නායක යම් ස්ථාන දෙකක් අතර ඇති විභව අන්තරය එය තුලින් ගමන් ගන්නා ධාරාවෙන් බෙදු විට එම සන්නායකයේ එම ස්ථාන දෙක අතර ඇති ප්‍රතිරෝදී අගය විදුලි ගමනට ඇති බාදක අගය ලැබේ මෙහිදී දාරාව ඇම්පියර් වලින්ද විභව අන්තරය වෝල්ට් වලින්ද මනිනු ලබයි

විභව අන්තරය ÷ධාරාව = ප්‍රතිරෝදය 
උදා :-පරිපථයක (ν)වෝල්ට් 12 විභව අන්තරයක් ඇති ස්ථාන දෙකක් අතරින් (Α)ඇම්පියර් 4ක ධාරාවක් ගමන් ගන්නේ නම් එම ස්ථාන දෙක අතර ඇති ප්‍රතිරෝදය සොයන්න
12 ν÷4Α=3 Ω
ඉහත නියමයන්ට අනුව විබව අන්තරය ÷ප්‍රතිරෝදකය =ධාරාව ලෙසට දැක්විය හැකිය ඒ අනුව වෝල්ට් 6ක විභව අන්තරයක් ඇති ස්ථාන දෙකක් අතර ප්‍රතිරෝදී අගය 100 Ω නම් එම ප්‍රතිරෝදය තුලින් ගලන ධාරාව වන්නේ
6ν÷100 Ω=0.06Α වේ

ස්ථිර ප්‍රතිරෝදක


ස්ථිර ප්‍රතිරෝදකයක දක්වා ඇති ප්‍රතිරෝදී අගයන් පහසුවෙන් වෙනස් කල නොහැක ඉලෙක්ට්‍රොනික කටයුතු සදහා යොදාගන්න බොහෝ රෙසිස්ටර් ඉතාමත් කුඩාය ඒවායේ ප්‍රතිරෝදී අගයන් ඒ මත මුද්‍රණ කිරීම පහසු නොවේ එම නිසා මේවට එහි අගය ඕනෑම අතක සිට පහසුවෙන් කියවිය හැකි ලෙස එක්තරා සම්මත වර්ණ කේතයකට අනුකුලව වර්ණ වළලු කීපයක් මගින් අගයන් දක්වා ඇත












රුපයේ දක්වා ඇත්තේ එවැනි ප්‍රතිරෝදක වර්ණ වළලු දක්වා ඇති ආකාරයයි මෙම වළලු ප්‍රතිරෝදකයේ එක අග්‍රයකට ආසන්නව පිහිටා ඇත ප්‍රතිරෝදකයේ අගය කියවිය යුත්තේ එම අග්‍රයේ සිට ඉදිරියට අනුපිලිවෙලිනි  මෙම වර්ණයන්ට අදාල සංක්‍යා අගයන් පහත වගුව නිරීක්ෂණය මගින් ඔබට වටහා ගත හැක



වර්ණය
පළමු වළල්ල
දෙවන වළල්ල
තෙවන වළල්ල
සහන වළල්ල
කළු
0
0
X1

දුඹුරු
1
1
X10
±1
රතු
2
2
X100
±2
තැඹිලි
3
3
X1000
±3
කහ
4
4
X10000
±4
කොළ
5
5
X100000

නිල්
6
6
X1000000

දම්
7
7
X10000000

අළු
8
8
X100000000

සුදු
9
9
X

රන්
-
-
X0.1
±5
රිදී
-
-
X0.01
±10



  රුපයේ ඇති රෙසිස්ටරයේ වර්ණ කේත අනුව දුඹුරු ,කළු ,රතු , යන ප්‍රතිරෝදකයක අගය සොයමු
දුඹුරැ =1, කළු =0 එම අගයන් දෙක අනුපිළිවෙලින් ලියු විට 10 ලැබේ එම අගය තෙවනුව ඇති රතු පැ‍හැති වළල්ලේ අගයෙන් වැඩිකරන්න10 X100=1000 ක වේ මෙය එම ප්‍රතිරෝදකයට හිමි ඕම් අගය වේ එහි ඕම් අගය 1000 ක් වේ 1000 Ω ප්‍රතිරෝදකයේ අඩංගු සිව්වන වළල්ල සහන වළල්ල  ලෙස හදුන්වයි එම රෙසිස්ටරය පිළිබද යම් වටහා ගැනීමක් කල හැක ප්‍රතිරෝදක නිපදවීමේදී ඒවා මහාපරිමාණ ලෙසින් නිපදවනු ලබයි එවැනි අවස්ථාවලදී එම ප්‍රතිරෝදකයේ දක්වා ඇති අගය විවිඩ් හේතු නිසා සුළු වශයෙන් විචල්‍ය විය හැක ප්‍රතිරෝදකයේ සහන වළල්ල මගින් දක්වා ඇත්තේ මෙම වෙනස් වන ප්‍රතිරෝදී අගය ප්‍රමාණය වේ


 











ඉහත ප්‍රතිරෝදකයේ සහන වළල්ලේ පැහැය රන් පැහැයයි එවිට එම ප්‍රතිරෝදකයේ නිවැරදි ප්‍රතිරෝදී අගය දක්වා ඇති අගයෙන් 5% පරාසයක් තුල පිහිටා ඇත ඒ අනුව ඉහත ප්‍රතිරෝදකයේ අගය වන 1000 Ω වලින් 5% ක් වන්නේ 50කි එවිට එම ප්‍රතිරෝදකයේ සත්‍ය අගය වෙන්නේ 950 Ω සහ 1050 Ω අතරතුර පිහිටයි සහන වළල්ල නොමැති ප්‍රතිරෝදක තුල ප්‍රතිරෝදී අගය එහි නියමිත අගයෙන් 20% ක උපරිම  හෝ අවම පරාසයක් තුල පිහිටා තිබේ

Thursday, April 5, 2012

Identify several electronic devices|ලෙක්ට්‍රොනික් උපාංග කීපයක් හදුනාගන්න





ඉලෙක්ට්‍රොනික පරිපත තුල අඩංගු විවිධ උපාංග ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකි නම් 

  1. සක්‍රිය උපාංග 
  2. අක්‍රිය උපාංග ලෙසයි 
සක්‍රිය උපාංග වල නිවැරදිව ක්‍රියාත්මක වීම සදහා ඒවාට නිවැරදිව ශක්තිය සැපයීමක් අවශ්‍ය වේ සක්‍රිය උපාංග සදහා උදාහරණ ලෙස


ට්‍රාන්සිස්ටර් සංගෘහිත පරිපත තයිරිස්ටර් පිලියවන ආදිය දැක්විය හැක විවිධ විද්‍යුත් සංඥා සැකස ගැනීමට මෙම සක්‍රිය උපාංග උදව්වෙ අක්‍රිය උපාංග වලට වලට විද්‍යුත්  සංඥාවක ප්‍රබලතාව වැඩි කල නොහැක අක්‍රිය උපාංග තවත් අක්‍රිය උපාංගයක් සමග සම්බන්ද කර ගැනීමෙන් කිසියම් විද්‍යුත් තරංග රටාවක් නිපදවා ගැනීමද කල නොහැක අක්‍රිය උපාංග සදහා උදාහරණ වන්නේ ධාරිත්‍රක දියොඩ පරිනමක ප්‍රේරක ආදියයි 
පරිනමක






ධාරිත්‍රක


සක්‍රිය උපාංග සමග අක්‍රිය උපාංග සම්බන්ධ කර ගැනීමෙන් ඉලෙක්ට්‍රොනික උපකරණවලට අවශ්‍ය විවිධ විද්‍යුත් සංඥා නිපදවා ගත හැකිය ඒවා සක්‍රිය උපන්ගවල විවිධ ක්‍රියාවන්ට උපකාරීවේ සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික් පරිපත තුල මෙම උපාංග දෙවර්ගයම දැකගත හැක මුලික වශයෙන් මෙම අක්‍රිය උපාංග සහ සක්‍රිය උපාංග නිවැරදිව හදුනාගැනීමත් පරිපත සදහා ඒවා නිවැරදිව යොදා ගැනීමෙන් ඉතා වැදගත් වේ ඉලෙක්ට්‍රොනික් උපාංග කීපයක් පිලිබදව මෙතැන් සිට සරලව විමසා බලමු 

Tuesday, April 3, 2012

What is electronic equipment?|ලෙක්ට්‍රොනික් උවාරණයක් යනු කුමක්ද ?




එදිනෙද කටයුතු වලදී අප විදුලිය උපයෝගී කරගනිමින් පාවිච්චි කරන උපකරණ සමුහයක් ඇත මේවාට උව‍රණ කියාද හදුන්වයි මෙම උවරණ විදුලි උවරණ සහ ඉලෙක්ට්‍රෝනික උවරණ ලෙස නැවැත වර්ග කල හැක එනමුත් මෙම උවරණ දෙවර්ගය අතර ඇති වෙනස තේරුම ගැනීම බොහෝවිට පහසු නොවේ මෙම උවාරණ දෙවර්ගය සදහාම විද්‍යුතය උපයෝගී කරගැනීම ඊට හේතුවයි මෙම දෙවර්ගයේ වෙනස සරලව අප විමසා බලමු  ඉලෙක්ට්‍රොනික  විද්‍යාව විද්යුතයෙන් විහිදී ගිය ශේත්‍රයකි විද්‍යුතය විද්‍යා විෂය ක්ෂේත්‍රයක් ලෙස අවුරුදු 200 ක්‌ තරම් පැරණිය ඇලෙක්සැන්ඩර් වෝලටා විසින් නිපදවූ මුල්ම විදුලි කෝෂය ධාරා විද්‍යුතයේ මුලාරම්බය ලෙස හැදින්විය හැක

 
එදා මේද තුර නිපදවූ විවිධ විද්‍යුත්උපකරණ නිසා අපගේ ජීවන මට්ට්ම වැඩ හොද තත්වයකට පත්ව ඇත  මෝටර්,‍ඩයිනමෝ,විදුලි පංකා මෙසේ අපට නිතර මුණ ගැසෙන විදුලි උවාරණ කිහිපයකි මෙම උවාරණ වලින් කෙරෙනුයේ විද්‍යුත් ශක්ති වෙනත ශක්තින් බවට පත් කර වැඩ කරගැනීමයි  මෙහිදී වෙන්නේ විදුලි පරිපත  තුලින් ගමන කරන ඉලෙක්ට්‍රෝන සතු චාලක ශක්තිය වෙනත් ශක්ති ප්‍රබේද බවට පත් කරලීමය මෙහිදී අප ප්රෝයෝජනය ගන්නේ එසේ පරිවර්තනයකර ලබා ගන්න ශක්තියයි අපට එදිනෙද ජීවිතයේදී මුණගැසෙන ඉලෙක්ට්‍රොනික් උවාරණ කීපයක් පිළිබද විමසා බලමු රේඩියෝව රුපවාහිනිය පරිඝනකය 



එවැනි උවරණ කීපයකි එසේම එම උවාරණ තුලද යම් ආකාරයකට  ශක්තිය පරිවර්තන ප්‍රමාණයක් සිදු වෙයි එනමුත් මෙම උවාරණ මගින් ප්‍රදාන වශයෙන් කෙරෙනුයේ ඉලෙක්ට්‍රොනික් ධර පාලනය කරගැනීමෙන් හා හසුරුවා ගැනීමෙන් විවිධ අන්දමේ විද්‍යුත් සංඥා නිපධව ගැනීමයි මෙම  සංඥා උදව්කරගනිමෙන් විවිධ සේවා සිදුකරගනු ලබයි මෙමගින් අප ලබාගන්න සේවය වන්නේ කිසියම් සන්නිවේදනයක් හෝ දැනුමකි මේ වන්නක් විදුලි උවාරනයකින් සිදු නොවෙයි එය විද්යුත් උවාරණවල සිදුවන අන්දමේ හුදෙක්  ශක්ති පරිවර්තනයක්ම නොවේ  පහත රුපයෙන් දක්වා ඇත්තේ ඉලෙක්ට්‍රොන උවාරණ මගින් එසේ නිපදවා ගන්නා විවිධ විද්‍යුත් සංඥා කීපයක ස්වරුපය දැකගත හැකිය 


එසේම ඉලෙක්ට්‍රොනික උවාරණ සදහා පමණක් යොදාගන්න විශේෂ උපාංග සමුහයක් ද ඇත ට්‍රාන්සිස්ටරය ,දියෝඩය, සංගෘහිත පරිපත ,කපාට නල(වැල්ව) මෙම කොටසට අයත්ය කපාට නල මෙකල බහුලව යොදා නොගන්න වූ මුල් යුගයේ භාවිතා කල ඉලෙක්ට්‍රොනික් උපාංගයකි අපට එදිනෙදා ජීවිතයේදී මුණ ගැසෙන සමහර උවාරණවල මෙම විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික යන කොටස් දෙකම තිබීමට පුළුවන




උදාහරණයක් ලෙස ජය පිටපත් යන්ත්‍රයකට යොදන කඩදාසි එම යන්ත්‍රය තුලින් ගමන් කරවීමට එහි අඩංගු කුඩා මෝටර් වර්ග හේතුකාරක වේ මෝටර් විදුලි උපකරණ විශේෂයක් වේ එනමුත් එයට යොදන කඩදාසිවල තත්වය වර්ණකයේ හෝ තීන්තවල තත්වය ඇතුළු විවිධ සාධක පිළිබධ සන්නිවේදනය අපට ලබාදෙන්නේ එහි අඩංගු විවිධ ඉලෙක්ට්‍රොනික පරිපත මගිනි මෙසේ නුතන බොහෝ උපකරණ තුල විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික යන කොටස් දෙවර්ගයම අඩංගු විය හැක      
  

 
ඉලෙක්ට්‍රෝනික් දැනුම සහ විනෝදය © 2012 | Designed by LogosDatabase.com, in collaboration with Credit Card Machines, Corporate Headquarters and Motivational Quotes
Blogger Widgets