Friday, June 15, 2012

Broadcasting| විකාශනය


කන් යොමුව


රේඩියෝවක් කැසට් යන්ත්‍ර වැනි දෙයක් පුද්ගලිකව ඇසීමට යොදා ගන්නා කන් යොමුව ඔබ දැක ඇත කන තුලට රුවා ශ්‍රවනය කිරීමට‍ හැකිවන සේ මේවා සකසා ඇත කන්යෝමුවක් මගින් කෙරෙනුයේ විද්‍යුත් සංඥා ධ්වනිය බවට පත් කර ගැනිමයි 


ශබ්ද විකාශකය






      






ශබ්ද විකාශකය ලෞඩ් ස්පීකරය ලෙසින්ද හදුන්වනු ලැබේ මෙමගින් විද්‍යුත් සංඥා වඩා ප්‍රභල ලෙස ධ්වනිය බවට පත්කර ගැනීමට පුළුවන ශබ්ද විකාශකය ප්‍රභලතාව තේරුම් ගැනීමට ඒ මත දක්වා ඇති ක්ෂමතා අගය ඉවහල් වේ ක්ෂමතා අගය වොට් 2,10,25 වැනි විවිධ අගයන්ගෙන් යුතු ශබ්ද විකාශක ඇත මෙම අගය වැඩිවත්ම ශබ්ද විකාශකයෙන් ලබාගත හැකි හඬේ ප්‍රභලතාව වැඩිය එසේම විවිධ ධවනි පරාසයන්ට අනුව ක්‍රියාත්මක වන ශබ්ද විකාශක ද ඇත වු‍ෆර් නමැති වර්ගය විශාල කේතුවක් සහිත වර්ගයකි ඒවා සංක්‍යාතය 40 Hz සිට 500 Hz දක්වා අතර ඇති කේතුවක් සහිත කුඩා ප්‍රමාණයේ ටුවිටරය කුඩා 500Hz සිට 500Hz දක්වා වන පරාසයන් තුල දී ක්‍රියාත්මක  වෙයි 


මයික්‍රෝපෝනය 




                                  






මයික්රෝපෝනය සකස් කර ඇත්තේ ශබ්ධ සංඥා විද්‍යුත් සංඥා බවට පත් කිරීමට ය පොදු ඇමතුම් කට්ටලවල මුල්ම අදියර පටන් ගන්නේ මයික්රෝපෝනයකිනි මේවා විවිධ වර්ග වලින් දැකගත හැක 


සල දඟර මයික්‍රෝපෝන් 





  






සල දඟර මයික්රෝපෝනවලට ඩයිනමික් මයික්රෝපෝන් ලෙසින්ද හදුන්වයි මෙහි ප්‍රාචීරය නම කුඩා සැහැල්ලු ලෝහ තැටියක් ඇත එම තැටියට සම්බන්ධ හැඩකරයක ඔතා ඇති කම්බි දඟරයක් තිබේ එම හැඩකරය සහිත කම්බි දඟරයට වෘත්තාකාර චුම්බකයක් ධ්‍රැව අතර අඩංගු හිඩැසක් තුල නිදහසේ චලනය විය හැක ප්‍රාචීරය ඉදිරියෙන් කතා කරන විට ශබ්ධ තරංග ඒ මත වැදී හැඩකරය චලනය වේ මෙහි ප්‍රතිපලයක් ලෙස දඟරය තුලින් මිලි ඇම්පියර් 1ත 10ත් අතර කුඩා විද්‍යුත් ධාරාවක් ඇති වේ එහි සංක්‍යතය ශ්‍රව්‍ය සංක්‍යාතයට‍ අනුරුපව  වන අතර එය ප්‍රත්‍යවර්ත ධාරාවකි එම ධාරාව වර්දනය කර ශබ්දය බවට‍ පත් කර ඇත 
  
රිබන් මයික්රෝපෝන







                      












රිබන් මයික්රෝපෝනවල අැත්තේ රැලි වැටුණු ඇලුමිනියම් රිබනයකි එම ලෝහ රිබනය ස්ථිර චුම්භකයක ධ්‍රැව අතර සවි කර ඇත මයික්රෝපොනය ඉදිරියෙන් කතා කරන විට මෙම රිබනය චලනය වේ ප්‍රේරිත ධාරාවක් ඇති වේ එහි සංක්‍යතය අදාල ශ්‍රව්‍ය සංඛ්‍යාතයට‍ අනුරුප වේ ස්ථටික මයික්‍රෝපෝන තුල ඇත්තේ පීඩ විද්යුත් ස්තටිකයකි  එහි ප්‍රාචීරය ඉදිරියෙ කතා කරන විට පීඩ විද්‍යුත් ස්තටිකය චලනයවී ශ්‍රව්‍ය සංඛ්යාතයක් අනුරුප ප්‍රත්‍යාවර්තක ධාරාවක් ඇති වේ


කාබන් මයික්‍රෝපෝන
              










මෙය පැරණිම වර්ගයේ මයික්‍රෝපෝන් විශේෂයකි එහි කෝප්පයක් බඳු ස්ථිර කාබන් කොටසක් ඇත මෙම කෝප්පයක හැඩයක් ඇති කාබන් කොටස තුල කුඩා කාබන් කොටස් අඩංගු කර ඇත එම කාබන් කොටස මත තවත් අර්ධ ගෝලාකාර හැඩ ඇති කාබන් කොටසක් තිබේ එයට ඇලුමිනියම් කේතුවක් සවි කර ඇත කේතුව ඉදිරියෙන් කතා කරන විට එම කාබන් කොටස චලනය වේ එහි ප්‍රතිපලයක් ලෙස එහි අඩංගු කාබන් අංශු තද වී ප්‍රතිරෝධය අඩු වේ තෙරපීම අඩු වන විට කාබන් අංශු ඉහිල් වී ප්‍රතිරෝධය වැඩි වේ මෙයට 50v විද්‍යුත් විභවයක් සපයන අතර මයික්‍රෝපෝනයේ අඩංගු කාබන් අංශු වල ක්‍රියාව නිසා එය තුලින් විචල්‍ය විද්‍යුත් ධාරාවක් ගමන් කරයි එය අදාල ශ්‍රව්‍ය සංඛ්‍යාතයට සමානුපාත එකකි 


ධාරිත්‍රක මයික්‍රෝපෝන
        


මේ තුල  ධාරිත්‍රකයක් සේ ක්‍රියාකරන ලෝහ තහඩු දෙකක් ඇත එකක් ස්ථිරය අනෙක චලනය වෙන සුළුය මෙම මයික්‍රෝපෝනය ඉදිරියේ කතා කරන විට එම තහඩුව චලනය වී ධාරිතා අගය විචල්‍ය කරයි ඊට අනුරුපව එහි අඩංගු ප්‍රතිරෝධකය දෙපස විභව අන්තරය වෙනස් වී යයි එම විචල්‍ය විභව අන්තරය ශ්‍රව්‍ය සංඛ්‍යාත වලට අනුරූපව විද්‍යුත් සංඥා නිපදවයි 



ස්ථටික මයික්‍රෝපෝන් 

    





ස්ථටික මයික්‍රෝපෝන් තුල අත්තේ පීඩ විද්යුත් ස්ථටිකයකි එහි ප්‍රාචිරය ඉදිරියෙන් කතා කරන විට පීඩ විද්යුත් ස්ථටිකය චලනය වී ශ්‍රව්‍ය සංඛ්‍යාතයට අනුරූපව ප්‍රත්‍යාවර්ථ ධාරාවක් ඇති වේ   

    

Tuesday, June 12, 2012

Diodes|ඩයෝඩ







  පරමාණුවක පවතින උපරිම ඉලෙක්ට්‍රොන සංක්‍යාව 8 වශයෙන් සලකනු ලබයි ඉන් ඉලෙක්ට්‍රොන 4ට වඩා අඩු ද්‍රව්‍යයන් සන්නායක වශයෙනුත් ඉලෙක්ට්‍රොන 4ට වඩා වැඩි ද්‍රව්‍යය පරිවාරක වශයෙනුත් සලකයි ඉලෙක්ට්‍රොන 4 ට වඩා අඩු ද්‍රව්‍ය තුල පහසුවෙන් විදුලිය ගමන් කරන නිසා එම ද්‍රව්‍ය සන්නායක යනුවෙන් හැදින්වේ තඹ යකඩ ඇළුමිනියම් පිත්තල වැනි විදුලිය ගමන් කරන ද්‍රව්‍ය මෙසේ සන්නායක වශයෙන් ගණන් ගැනේ ඉලෙක්ට්‍රොන 4ට වඩා වැඩි ද්‍රව්‍ය තුල ඉලෙක්ට්‍රොන තදබද වී පවතින හෙයින් ඒ තුලින් විදුලිය ගමන් නොකරන නිසා මේවා පරිවාරක යනුවෙන් හැදින්වේ රබර් ,ප්ලාස්ටික් ,පිගන් මැටි, තලාතු ,මිනිරන් වැනි දෑ මෙසේ පරිවාරක වශයෙන් භාවිතා කෙරේ

ඉලෙක්ටෝණ 4ක පමණක් ඇති ද්‍රව්‍යන් පිරිසුදු සන්නායකයක්  හෝ පිරිසිදු පරිවාරකයක් නොවන අතර ඒවා සන්නායක සහ පරිවාරක තත්වයේ ක්‍රියාකරන ලෙස තැනිය හැක එසේ ඉලෙක්ට්‍රොන 4කින් සමන්විත අද ඉලෙක්ට්‍රොනික් විද්‍යාවේ ප්‍රධාන වශයෙන් භාවිතා වන ද්‍රව්‍යන් වශයෙන් සිලිකන් සහ ජර්මේනියම් යන අර්ධ සන්නායක ද්‍රව්‍යන් ගණන් ගත හැක මින් ජර්මේනියම් වර්ගයට වඩා සිලිකන් වර්ගයේ තාපයට ඔරොත්තු දීමේ ශක්තිය වැඩිය මේ අර්ධ සන්නායක කොටසක සහ ඉලෙක්ට්‍රොන 5ක්‌ හෝ ඉලෙක්ට්‍රොන 3ක්‌ ඇති අපිරිසිදු පරමාණු කොටසක් විද්‍යුතය මගින් රත්කර එකතු කිරීමෙන් N වර්ගයේ හෝ p වර්ගයේ අර්ධ සන්නායක තැනිය හැක මේ අනුව අර්ධ සන්නායක පරමාණුවක් තුලට ඉලෙක්ට්‍රෝන 5ක්‌ පමණක් ඇති අපිරිසිදු පරමාණුවක් රත්කර ඇතුළු කිරීමෙන් අපිරිසිදු පරමාණුවේ ප්‍රෝටෝන සහ අර්ධ සන්නායක පරමාණුවේ ප්‍රෝටෝන එකට එකතු වේ එමෙන්ම අපිරිසිදු පරමාණුවේ ඉලෙක්ට්‍රොනද සහ අර්ධ සන්නායක පරමාණුවේ ඉලෙක්ට්‍රොනද එකට එකතුවේ එහෙත් අර්ධ සන්නායක පරමාණුවේ ඇත්තේ ඉලෙක්ට්‍රොන 4ක්‌දඅපිරිසිදු පරමාණුවේ ඇත්තේ ඉලෙක්ට්‍රොන 5ක්‌ද බැවින් අර්ධ සන්නායක පරමාණුවේ ඇති ඉලෙක්ට්‍රොන 4 සමග අපිරිසිදු පරමාණුවේ ඇති ඉලෙක්ට්‍රොන 5න්  4ක්‌ පමණක් එකට එකතුවී  එක් ඉලෙක්ට්‍රෝනයක් ඉතිරි වේ මේ ඉතිරිවූ ඉලෙක්ට්‍රෝනය එහි මව් පරමාණුව අර්ධ සන්නායක පරමාණුව හා එක්වූ බැවින් ඕනෑම අවස්ථාවක ඉන් පිටතට ගමන් කිරීමට‍ සුදානමින් සිටි මේ ආකාරයට සකස්වූ වැඩි ඉලෙක්ට්‍රොනයන්ගෙන් සමන්විත අර්ධ සන්නායක සෘණ ආරෝපිත අර්ධ සන්නායක හෙවත් N වර්ගයේ අර්ධ සන්නායක ලෙස හදුන්වනු ලැබේ

ඉහත අන්දමට ඉලෙක්ට්‍රොන 3ක්‌ පමණක් ඇති අපිරිසිදු ද්‍රව්‍ය කොටසක්‌  සහ අර්ධ සන්නායක කොටසක්  එක් කළ විටද අපිරිසිදු පරමාණුවේ ප්‍රෝටෝන සහ අර්ධ සන්නායක පරමාණුවේ ප්‍රෝටෝන එකට  එකතු  වේ එහෙත් අපිරිසිදු පරමාණුවේ ඇත්තේ ඉලෙක්ට්‍රොන 3ක්‌ පමණක් නිසා අර්ධ සන්නායක පරමාණුවේ ඉලෙක්ට්‍රෝන  3ක්‌ සමග එය එක්වේ මේ අනුව අර්ධ සන්නායක පරමාණුවේ එක් ඉලෙක්ට්‍රෝන යුඅක  අඩුව පවතී මේ අඩුව හිඩැසක් වන අතර එය හෝල් ලෙස හැදින්වේ මෙසේ පරමාණුවේ අඩුවක් පවතින හෙයින් මේ පරමාණුව පිටතින් ඉලෙක්ට්‍රෝන යක් අඩුවක් පවතින හෙයින් මේ පරමාණුව පිටතින් ඉලෙක්ට්‍රෝනයක් බාරගැනීමට නිතරම සුදානම්ව සිටි මෙසේ හිදසයන්ගෙන් සමන්විත අර්ධ සන්නායක ධන ආරෝපිත අර්ධ සන්නායක හෙවත් p වර්ගයේ අර්ධ සන්නායක ලෙස හදුන්වයි

                                                
මෙම N වර්ගය හා P වර්ගය අර්ධ සන්නායක කොටස් දෙකක් එකතුකර සන්ධි ඩයෝඩයක් නිර්මාණය කළ හැකිය මෙහි P අග්‍රය ඇනෝඩය වශයෙනුත් Nඅග්‍රය කැතෝඩය වශයෙනුත් හැදින්වේ  දයෝඩයක් තුලින් ධාරාවක් යැවු විට එහි ධාරා ගමන සිදු වන්නේ එක් දිශාවකට පමණි ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට අධික ප්‍රතිරෝධයක් දක්වයි තඹ වැනි සන්නායක කම්බියක් තුලින් ධාරා ගමනක් සිදුවන විට මෙවැන්නක් සිදු නොවේ එබැවින් දියෝඩයක් පරිපතයකට සම්බන්ධ කරන විට එහි ධාරා දිශාවකට අනුකූලව එය සවි කරගත යුතුය වැරදි අතට දියෝඩයක් සවිකළ විට ධාරා ගමන සිදු නොවේ දියෝඩ තුලින් නිවැරදිව ධාරා ගමනක් සිදුවිමට නම් ඇනෝඩ අග්‍රය බැටරියේ ධන අග්‍රයටත් කැතෝඩ අග්‍රය සෘණ අග්‍රයටත් සම්බන්ද විය යුතුය වෙළෙදපොලේ ඇති සාමානය දියෝඩයක කැතෝඩ අග්‍රය පහසුවෙන් හදුනාගැනීම සදහා එහි කැතෝඩ අග්‍රයට ආසන්නව වර්ණවත් වළල්ලක් සලකුණු කර ඇත 

                                       

  ඩයෝඩයක් තුලින් යැවිය හැකි උපරිම ධාරා ප්‍රමාණයක් ඇත නිතරම එය තුලුන් යවන ධාරා ප්‍රමාණය එම උපරිම ධාරා ප්‍රමාණය ඉක්මවානොයන සේ තබා ගත යුතුය පහත වගුව නිරීක්ෂණය කරන්න


දියෝඩයේ සංඥා අක්‍ෂරය
I‍F
PIV


IN 4001
1A
50V
IN4002
1A
100V
IN4003
1A
200V
IN4004
1A
400V
IN4005
1A
600V

IN4006
1A
800V

IN4007
1A
1000V

IN5400
3A
50V

IN5401
3A
100V

IN5403
3A
300V

IN5405
3A
500V

IN5408
3A
1000V

0A91
20mA
100V

0A95
50mA
115V


වගුවේ ඇති දියෝඩ පිළිබද තොරතුරු වල මෙ‍ම ධාරා ප්‍රමාණය ලෙසින් දක්වා ඇත එසේම දියෝඩ තුලින් ආපසු අතට ධාරාවක් ගමන් නොකරන්නේ එක්තරා උපරිම වෝල්ටීයතාවයක් තෙක්ය එම උපරිම වෝල්ටීයතාව කුළු වෝල්ටීයතාව ලෙස (peek inverse volTage) ලෙස හදුන්වනු ලැබේ වගුවේ piv ලෙසින් ඇත්තේ වෙලදපොලේ සුලභව ඇති දියෝඩ කීපයක් සදහා වන එම අගයයි කුළු වෝල්ටීයතාවට වැඩ වැඩි විභව අන්තරයක් එවැනි දියෝඩයකට දුන් විට තවදුරටත් එය දියෝඩයක ලෙස ක්‍රියා නොකරයි එවිට එය ධාරාව නොගලන දිශාවට ද සන්නයනය කිරීමට‍ පටන් ගනී එබැවින් සාමාන්‍ය දියෝඩයක සදහා PIV අගයට වඩා වැඩි අගයක් ඇති වෝල්ටීයතාව ක් දියෝඩයක ආපසු අතට නොයෙදිය යුතුය

සෙනර් දියෝඩ




    










මෙය සිලිකන් සන්ධි දියෝඩ වර්ගයකි වෝල්ටීයතා පාලකයක් වශයෙන් භාවිතා කරයි සාමාන්‍ය දියෝඩයක මෙන් සෙනර් දියෝඩයකද කැතෝඩ අග්‍රය නිවැරදිව හදුනාගැනීම මෙම අග්‍රය ආසන්නයේ වර්ණවත් වළල්ලක සලකුණු  යොදා ඇත මෙයට පෙර නැඹුරු කලවිට් සාමාන්‍ය සිලිකන් දයෝඩ මෙන් ක්‍රියා කෙරේ පසු නැඹුරු වෝල්ටීයතාවක් ලද විට අභ්‍යන්තර ප්‍රතිරෝදය අඩු වී ඉතා කුඩා මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයක ධාරාවක් ගලයි පසු නැඹුරු වෝල්ටීයතාවය ක්‍රමයෙන් වැඩි කරගෙන ගියහොත් එක්තරා අවස්ථාවකදී අභ්‍යන්තර ප්‍රතිරෝදය එක්වරම පහත වැටී ඒ තුලින් ගලමින් තිබු මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයේ ධාරාව මිලි ඇම්පියර් ප්‍රමාණය දක්වා වැඩි වේ මෙසේ පසු නැඹුරු වෝල්ටීයතාව වැඩිකළ විට සිදුවන මෙම බිද වැටීම නිසා විශාල ධාරාවක් ගලා ය හැකි පරිදි දයෝඩය සැලසුම්කර නොමැති නම එය විනාශ වේ එවැනි විශාල පසු ධාරාවක් ගලා  යා හැකි පරිදි සැලසුම් කල දයෝඩ සෙනර් දයෝඩ වශයෙන් හැදින්වේ මෙහි ධාරාව වැඩිවෙන්න වැඩිවෙන්න අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩු වී වෝල්ටීයතාව ස්ථාවරව තබා ගනී මේවා 3.3v,3.6v,3.9v,10v,12v ,ආදී වශයෙන් අවශ්‍ය වොල්ටියතාවෙන් යුත් සෙනර් දයෝඩ ලබා ගත හැක

වෙරිකැප් ඩයෝඩ



    





මෙම ඩයෝඩ වලට variable capaciඒnce diode යන වචනය කෙටි වීමෙන් varacඑor යන්නද භාවිතා කෙරේ මෙයද PN සන්ධියෙන් යුක්ත වේ විචල්‍ය ධාරිත්‍රකයක ක්රියකරිත්වයට සමානය අර්ධ සන්නායක PN සන්ධියක පසු නැඹුරු වෝල්ටීයතාවය වැඩි කරන විට සන්ධියේ බාධක ස්තරය වඩාත් පලල් වේ එවිට ධාරිතාව අඩු වේ පළල අඩුවන විට ධාරිතාව වැඩි වේ පසු නැඹුරු වෝල්ටීයතාව වැඩි කරන විට බාධක ස්තරය වඩාත් පලල්වන අතර වෝල්ටීයතාව අඩු කරන විට බාධක ස්ථරයේ පළල අඩු වේ ධාරිතාව 2p‍f සිට 12p‍f දක්වාත් 20p‍‍f ,27pf,72pf ආදී වශයෙන් විවිධ පරාසයන්ගෙන් යුත් වෙරිකැප් ඩයෝඩ ලබාගත හැක

ආලෝක විමෝචක ඩයෝඩ




  
  










මේවා සන්ධි ඩයොඩ විශේෂයකි පෙර නැඹුරුවෙදී මේවායේ සාධි තුලින් ධාරාව ගලයන අතර එවිට වර්ණ ආලෝකයක් විහිදේ වර්ණ කීපයක් නිකුත් කරන ඒවාද ඇත මේවා LED (lLIGHT EMITTING DIODE) නම් කෙටි නමින් හදුන්වනු ලබයි LED බල්බයක් දැල්වීම සදහා දියයුතු අවම විභවයක ඇත රතු දැල්වීම සදහා 1.6 V විභවයක් සැපයීම කළයුතුවේ කහ සහ කොළ සදහා සැපයිය යුතු විභවය ඊට තරමක් වැඩි වේ සාමානය විදුලි කෝෂයකින් ලැබෙනුයේ 1.5V විභවයකි එබැවින් ඕනෑම LED එකක් දැල්වීමට ශ්‍රේණිගතව යෙදු කෝෂ දෙකක් යොදා ගත යුතුය LED එකක් දැල්වීම සදහා යන ධාරාව ඉතා කුඩාය එය මිලි ඇම්පියර් 20 ක් පමණ වේ LED එකකට අනවශ්‍ය වැඩි විභව අන්තරයක් දුන් විට එය තුලින් වැඩි ධාරාවක් ගමන කර එය පිලිස්සී යයි එබැවින් නිතරම LED යක සමග ශ්‍රේණිගතව සුදුසු ප්‍රතිරෝදකයක් යොදා එය තුලින් ගමන ගන්න ධාරාව මිලි ඇම්පියර් 20තෙක් සකසා ගැනීම වැදගත්ය 



 
ඉලෙක්ට්‍රෝනික් දැනුම සහ විනෝදය © 2012 | Designed by LogosDatabase.com, in collaboration with Credit Card Machines, Corporate Headquarters and Motivational Quotes
Blogger Widgets