Wednesday, July 25, 2012

Integrated circuits|සංගෘහිත පරිපථ




ට්‍රාන්සිස්ටරය වෙනුවට අද බොහෝ දෙනෙක් බහුලව පාවිච්චි කරන්නේ මෙම අයි සි නම් උපාංගයයි ඉන්ටර්ග්‍රේටඩ් සර්කිට් යනුවෙන් හැඳින්වෙන මෙයට භාවිතයේ පහසුව තකා අයි සී යනුවෙන් නම ව්‍යවහාර කෙරේ මේවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදීමට පුළුවන එනම් 



  1. ප්‍රතිසම සංගෘහිත පරිපථ =(ප්‍රතිසම සංගෘහිත පරිපථ කිසියම් විද්‍යුත් සංඥාවක් වර්ධනය කිරීම පාලනය කිරීම අනුවර්තනය කිරීම වැනි කටයුතු කරනු ලබයි) 
  2. සංඛ්‍යාංක සංගෘහිත පරිපථ =(මේවායේ සංඥාවල ස්වභාවය සංක්‍යාංක digital ස්වභාවයක් දරයි)   



විවිධ වර්ගවල සංක්‍යංක ic වර්ග ඇත මේවා අතරින් සමහරක් TTL වර්ගයටත් තවත් සමහරක් CMOS වර්ගයටත් අයත් වේ TTL වර්ගය යනු Transistor-Transistor-Logicයන්න කෙටි කර සාදාගත් වචනයකි මෙය 1960 දශකය තුල දියුණු කල වර්ගයක් වේ මෙම වර්ගයේ පරිපථ ක්‍රියාවන් ඉතා වේගවත් වන අතර වැඩිපුර විද්‍යුත් ප්‍රමාණයක් පරිභෝජනය කරයි එබැවින් විශාල පරිපථ සැදීමේදී එය අවාසි දායකය CMOS යනු complemenTary MeTal Oxide semi conductor යන වචනය කෙටි කර සෑදුවකි එම වර්ගය විශාල වෝල්ටීයතා පරාසයකට අනුකුලව ක්‍රියාකරන වර්ගයක් වන අතර TTL වර්ගය වඩා බිඳෙන සුළුය මෙහි ඇතුලත් වන්නේ යම්කිසි පරිපථයකට අවශ්‍ය ට්‍රාන්සිස්ටර හා රෙසිස්ටර් කොටස්ය නිෂ්පාදකයා කරන්නේ නියමිත පරිදි පරිපතයක් අනුව ඊට අවශය ට්‍රාන්සිස්ටර හා රෙසිස්ටර් කොටස් ඇතුලත් කර සීල් තබා ඊට අවශ්‍ය කන්ඩෙන්සර් ,විදුලිය සහ වෙනත් අවශ්‍ය සම්බන්ධ කිරීම් සඳහා තහඩු පිටතට සිටින සේ සවිකර වෙළෙද පොලට එවීමයි 


සමහර සංගෘහිත පරිපථයක අභ්‍යන්තරය විවිධාකාර විය හැක සරල ic එකක් තුල ට්‍රාන්සිස්ටර කිහිපයක් පමණක් අඩංගු විය හැක එනමුත් සංකීර්ණ ic එකක් තුල 100000 හෝ ඊටත් වඩා වැඩි විය හැක මේවා යොදාගෙන පරිපථය සැදීම ඉක්මන් වේ එහෙත් ඉතා සියුම් උපකරණයක් නිසා ඉතා ඉක්මණින් විනාශ විය හැක  ic ද ට්‍රාන්සිස්ටර මෙන්ම බාල සහ උසස් වර්ග වලින් ඒවා ඇත මිල තරමක් අධික වුවත් උසස් වර්ගයේ ඒවා තෝරාගැනීම උත්සහ කරන්න ic යොදා අලුත් උපාංගයක් නිපදවීමට අදහස් කරන්නේ නම් එය නිෂ්පාදකයාගේම පරිපථයක් අනුව සකස් කිරීමට මතක තබාගත යුතුය 


ic වල බාහිර පෙනුම විවිධාකාරය බාහිර සම්බන්ධිකරණ තහඩු එක් පැත්තක හෝ දෙපැත්තක පිහිටා තිබෙන අතර එම තහඩු සංක්‍යාව ද බොහෝසේ වෙනස් වේ මෙම තහඩු ගණන් ගතයුතු ආකාරය දැක්වීමට එහි එක් පසෙක සලකුණක් දක්වා ඇත එම සලකුණ යොදා ඇති පැත්තේ ඇති අග්‍රයේ සිට 1,2,3,4, යන ආකාරයෙන් ගණන් ගෙන පරිපථයට සම්බන්ධ කල යුතුය තහඩු 40 ත 50 ඇති ic රුපවාහිනී තුල ඇත ට්‍රාන්සිස්ටරයක පෙනුමින් යුත් තහඩු 3හෝ4 යොදාගත් ic වර්ගද ඇත ic පරිපතයකට සවි කිරීමේදී ඉතාමත් ප්‍රවේසමෙන් උෂ්ණත්වය ඇතුළු නොවන පරිදි පැස්සිය යුතුය තහඩු වැඩි ඒවා වරින් වර තහඩු කිහිපය බැගින් පාස්සා නිවෙන්නට හැර ඉතිරි තහඩු පැස්සිය යුතුය ic එකක් ගැලවීමේදී ඊට සම්භන්ධ ඊයම් සකර් එකක් මගින් අස් කලයුතුය ඔබ ic යොදා යම්කිසි අත්හදා බැලීමක් කරනවානම් ඒ සඳහා ic බේස් වෙලෙදපොලෙන් ලබාගෙන පාවිච්චි කල හැක ic එක පරිපතයට පාස්සන්නේ නැතිව බේස් එක පරිපතයට පාස්සන නිසා ic එකද ආරක්‍ෂිත වේ 


එමෙන්ම වෙනත් පරිපථයක් සඳහා වුවද නැවතත් යොදාගත් හැක ic එක සඳහාද ට්‍රාන්සිස්ටරය මෙන්ම අධික රශ්මියට වැරදි පොලරිටි සැපයීමත් ඉතාමත් අහිතකරය ic එක ක්‍රියාවිරහිත වීම මෙයින් සිදු වේ අවුට් පුට් කොටස් සඳහා යොදන ic අභ්‍යන්තර උෂ්ණත්වය පිට කිරීම සඳහා තරමක් විශාල තහඩුවක් ඊට යාකර ඇත ic එක යන්ත්‍රයකට සවි කල පසු හීට් සින්ක් නමින් හඳුන්වන ඝනකම් ඇති ඇලුමිනියම් තහඩුවක් ඊට සවි කල යුතුය  
 
ඉලෙක්ට්‍රෝනික් දැනුම සහ විනෝදය © 2012 | Designed by LogosDatabase.com, in collaboration with Credit Card Machines, Corporate Headquarters and Motivational Quotes
Blogger Widgets