කන් යොමුව
රේඩියෝවක් කැසට් යන්ත්‍ර වැනි දෙයක් පුද්ගලිකව ඇසීමට යොදා ගන්නා කන් යොමුව ඔබ දැක ඇත කන තුලට රුවා ශ්‍රවනය කිරීමට හැකිවන සේ මේවා සකසා ඇත කන්යෝමුවක් මගින් කෙරෙනුයේ විද්‍යුත් සංඥා ධ්වනිය බවට පත් කර ගැනිමයි
ශබ්ද විකාශකය


ශබ්ද විකාශකය ලෞඩ් ස්පීකරය ලෙසින්ද හදුන්වනු ලැබේ මෙමගින් විද්‍යුත් සංඥා වඩා ප්‍රභල ලෙස ධ්වනිය බවට පත්කර ගැනීමට පුළුවන ශබ්ද විකාශකය ප්‍රභලතාව තේරුම් ගැනීමට ඒ මත දක්වා ඇති ක්ෂමතා අගය ඉවහල් වේ ක්ෂමතා අගය වොට් 2,10,25 වැනි විවිධ අගයන්ගෙන් යුතු ශබ්ද විකාශක ඇත මෙම අගය වැඩිවත්ම ශබ්ද විකාශකයෙන් ලබාගත හැකි හඬේ ප්‍රභලතාව වැඩිය එසේම විවිධ ධවනි පරාසයන්ට අනුව ක්‍රියාත්මක වන ශබ්ද විකාශක ද ඇත වුෆර් නමැති වර්ගය විශාල කේතුවක් සහිත වර්ගයකි ඒවා සංක්‍යාතය 40 Hz සිට 500 Hz දක්වා අතර ඇති කේතුවක් සහිත කුඩා ප්‍රමාණයේ ටුවිටරය කුඩා 500Hz සිට 500Hz දක්වා වන පරාසයන් තුල දී ක්‍රියාත්මක වෙයි
මයික්‍රෝපෝනය

මයික්රෝපෝනය සකස් කර ඇත්තේ ශබ්ධ සංඥා විද්‍යුත් සංඥා බවට පත් කිරීමට ය පොදු ඇමතුම් කට්ටලවල මුල්ම අදියර පටන් ගන්නේ මයික්රෝපෝනයකිනි මේවා විවිධ වර්ග වලින් දැකගත හැක
සල දඟර මයික්‍රෝපෝන්


සල දඟර මයික්රෝපෝනවලට ඩයිනමික් මයික්රෝපෝන් ලෙසින්ද හදුන්වයි මෙහි ප්‍රාචීරය නම කුඩා සැහැල්ලු ලෝහ තැටියක් ඇත එම තැටියට සම්බන්ධ හැඩකරයක ඔතා ඇති කම්බි දඟරයක් තිබේ එම හැඩකරය සහිත කම්බි දඟරයට වෘත්තාකාර චුම්බකයක් ධ්‍රැව අතර අඩංගු හිඩැසක් තුල නිදහසේ චලනය විය හැක ප්‍රාචීරය ඉදිරියෙන් කතා කරන විට ශබ්ධ තරංග ඒ මත වැදී හැඩකරය චලනය වේ මෙහි ප්‍රතිපලයක් ලෙස දඟරය තුලින් මිලි ඇම්පියර් 1ත 10ත් අතර කුඩා විද්‍යුත් ධාරාවක් ඇති වේ එහි සංක්‍යතය ශ්‍රව්‍ය සංක්‍යාතයට අනුරුපව වන අතර එය ප්‍රත්‍යවර්ත ධාරාවකි එම ධාරාව වර්දනය කර ශබ්දය බවට පත් කර ඇත
රිබන් මයික්රෝපෝන


රිබන් මයික්රෝපෝනවල අැත්තේ රැලි වැටුණු ඇලුමිනියම් රිබනයකි එම ලෝහ රිබනය ස්ථිර චුම්භකයක ධ්‍රැව අතර සවි කර ඇත මයික්රෝපොනය ඉදිරියෙන් කතා කරන විට මෙම රිබනය චලනය වේ ප්‍රේරිත ධාරාවක් ඇති වේ එහි සංක්‍යතය අදාල ශ්‍රව්‍ය සංඛ්‍යාතයට අනුරුප වේ ස්ථටික මයික්‍රෝපෝන තුල ඇත්තේ පීඩ විද්යුත් ස්තටිකයකි එහි ප්‍රාචීරය ඉදිරියෙ කතා කරන විට පීඩ විද්‍යුත් ස්තටිකය චලනයවී ශ්‍රව්‍ය සංඛ්යාතයක් අනුරුප ප්‍රත්‍යාවර්තක ධාරාවක් ඇති වේ
කාබන් මයික්‍රෝපෝන

මෙය පැරණිම වර්ගයේ මයික්‍රෝපෝන් විශේෂයකි එහි කෝප්පයක් බඳු ස්ථිර කාබන් කොටසක් ඇත මෙම කෝප්පයක හැඩයක් ඇති කාබන් කොටස තුල කුඩා කාබන් කොටස් අඩංගු කර ඇත එම කාබන් කොටස මත තවත් අර්ධ ගෝලාකාර හැඩ ඇති කාබන් කොටසක් තිබේ එයට ඇලුමිනියම් කේතුවක් සවි කර ඇත කේතුව ඉදිරියෙන් කතා කරන විට එම කාබන් කොටස චලනය වේ එහි ප්‍රතිපලයක් ලෙස එහි අඩංගු කාබන් අංශු තද වී ප්‍රතිරෝධය අඩු වේ තෙරපීම අඩු වන විට කාබන් අංශු ඉහිල් වී ප්‍රතිරෝධය වැඩි වේ මෙයට 50v විද්‍යුත් විභවයක් සපයන අතර මයික්‍රෝපෝනයේ අඩංගු කාබන් අංශු වල ක්‍රියාව නිසා එය තුලින් විචල්‍ය විද්‍යුත් ධාරාවක් ගමන් කරයි එය අදාල ශ්‍රව්‍ය සංඛ්‍යාතයට සමානුපාත එකකි
ධාරිත්‍රක මයික්‍රෝපෝන
මේ තුල ධාරිත්‍රකයක් සේ ක්‍රියාකරන ලෝහ තහඩු දෙකක් ඇත එකක් ස්ථිරය අනෙක චලනය වෙන සුළුය මෙම මයික්‍රෝපෝනය ඉදිරියේ කතා කරන විට එම තහඩුව චලනය වී ධාරිතා අගය විචල්‍ය කරයි ඊට අනුරුපව එහි අඩංගු ප්‍රතිරෝධකය දෙපස විභව අන්තරය වෙනස් වී යයි එම විචල්‍ය විභව අන්තරය ශ්‍රව්‍ය සංඛ්‍යාත වලට අනුරූපව විද්‍යුත් සංඥා නිපදවයි
ස්ථටික මයික්‍රෝපෝන්
ස්ථටික මයික්‍රෝපෝන් තුල අත්තේ පීඩ විද්යුත් ස්ථටිකයකි එහි ප්‍රාචිරය ඉදිරියෙන් කතා කරන විට පීඩ විද්යුත් ස්ථටිකය චලනය වී ශ්‍රව්‍ය සංඛ්‍යාතයට අනුරූපව ප්‍රත්‍යාවර්ථ ධාරාවක් ඇති වේ
Nishshanka ruwan Facebook comments for blogger brought to you by Nishshanka ruwan