Monday, February 4, 2013

පිළියවන(relays)




 






පිළියවනයක් යනු විද්‍යුතය මගින් ක්‍රියාත්මක වන සුවිචයකි එය තුල කුඩා මෘදු යකඩයක් මත ඔතන ලද ආවෘත කම්බි දඟරයක් ද චලනය වන ආමේචරයක් ද සුවිච් ස්පර්ශක දෙකක් ද අඩංගුය ආමේචරය ස්පර්ශක තහඩුවල ඇති දුනු ගතිය මගින් හෝ වෙනයම් ක්‍රමයකින් කිසියම් පිහිටීමක පිහිටුවා ඇත පිලියවනයේ ක්‍රියාව තේරුම් ගැනීමට එය පළමු පරිපථය හා දෙවන පරිපථය ලෙස කොටස් දෙකකට වෙන් කර ඇත ආමේචරය සහිත දඟරය පළමු පරිපතයයි ආමේචරය අඩංගු පළමු පරිපථයට විදුලිය සැපයු විට විද්‍යුත් චුම්බකය සක්‍රිය වෙයි එවිට ආමේචරය චුම්බකය වෙත ඇඳි ගොස් එහි ඇති දෙවන ස්පර්ශකය හා සම්බන්ධ වෙයි එවිට දෙවන පරිපථයට සම්බන්ධ කිසියම් උපකරණයක් ඔස්සේ ධාරා ගමනක් ඇති කල හැකි වේ බොහෝ පිළියවනවල ස්විච ස්පර්ශක තුනක් හෝ කීපයක් ඇත ඒවා මගින් පරිපථ දෙකක් හෝ වැඩි ගණනක් ක්‍රියා කරවිය හැක ස්විච ස්පර්ශක 3ක් ඇති පිළියවනයක දෙවන පරිපථය ක්‍රියාත්මක වන ආකාරය රුපයෙන් දක්වා ඇත මෙහි පළමු පරිපතයෙන් ධාරාව ගමන් නොගන්නා අතර bහා c අග්‍ර සම්බන්ධව ඇත එවිට bහා c අග්‍ර සම්බන්ධව ඇත .

 





එවිට bහා c අග්‍රවලට සම්බන්ධිත පරිපථය සක්‍රිය වේ ධාරා ගමන් ගන්නා විට මෙහි a හා c අග්‍ර චුම්බකවලට ආකර්ෂණය  නොවන පිත්තල වැනි ද්‍රව්‍යයකින් සාදා ඇත එවිට a හා b වලට සම්බන්ධිත පරිපථයයක් ක්‍රියාත්මක වන අතර bහා cසම්බන්ධිත පරිපථය විවුර්‍ත වේ

                               

                                      විලායකය (Fuses)

 



පරිපථ සංකේතය









කිසියම් පරිපථයක් තුලින් අධික ධාරාවක් ගමන් කිරීම සිදු වුන හොත් එහි අඩංගු පරිපථ උපාංග වලට හානි සිදුවිය හැක මෙම අදික ධාරා ගමන් කිරීමකදී පරිපතයකට වන හානි වලකාලීමටවිලායකය යොදා ගනී විවිධ ධාරා අගයනට සහ වෝල්ටීයතා සඳහා ඔරොත්තු දෙන විලායක ඇත එසේම විවිධ වර්ගවලින් මෙන්ම වවිධ ප්‍රමනවලින්ද විලායක නිපදවන අතර ඒවායේ ක්‍රියාකාරිත්වයන් ද විවිධ ආකාර වේ විවිධ අවශ්‍යතාවයන්ට අනුකුලව යොදන විලායක ද විවිධ වේ අධික ධාරා ගමනක ද ක්‍ෂණිකව හෝ හෙමින් විලායක පිලිස්සී යාම සිදුවේ විලායකයන් පිලිස්සී ගිය විට ඒ සඳහා යොදා ගත යුත්තේ පිලිස්සුන විලයකයකට හැම අතින්ම සමාන විලායකයකි යොදා ගත යුතු විලායකය ඇම්පියර් 2 ක්  1 ක් නම් ඒ වෙනුවට ඇම්පියර් 3 ක විලායකයක් හෝ ඊට වැඩි අගයක විලායකයක් යොදා ගත් විට අපෙක්ෂිත ආරක්ෂාව බලාපොරොත්තු විය නොහැකිය අනිවාර්යෙන්ම වැඩි විදුලි ධාරා ගමනකදී උපාංගවලට හානි සිදුවිය හැක ගිනි ගැනීම වැනි සිදුවීම ද සිදුවිය හැක අදාළ විලයකය සොයා ගැනීමට නොහැකි නම් ඊට වඩා අඩු ධාරා අගයක් ඇති විලායකයක් තාවකාලිකව යොදා ගත යුතුය සාමාන්‍ය විලයකයක අගය බොහෝ විට අදාල අගයෙන් 25% ක වැඩිවීමක් තෙක් ඔරොත්තු දෙයි සාමාන්‍ය විලායකයක් ක්‍ෂණිකව පිලිස්සී යන්නේ අදාළ ධාරාව මෙන් දෙගුණයක ධාරාවක් යැවු විටය එය අදාළ ධාරාව මෙන් 35% පමණ ප්‍රමාණයක් වැඩි වුවහොත් විලයකය පිලිස්සියාමට ගතවන කාලය පැයක පමණ කාලයකි උදා:- 3a විලායකයක් තුලින් 4a ධාරාවක් ගමන් කරන්නේ නම් එය පිලිස්සීම සඳහා පැයක පමණ කාලයක් ගත වේ එසේම ක්‍ෂණිකව පිලිස්සී යන විලායකය මෙන්ම සෙමින් පිලිස්සී යන විලායක ද ඇත

 
ඉලෙක්ට්‍රෝනික් දැනුම සහ විනෝදය © 2012 | Designed by LogosDatabase.com, in collaboration with Credit Card Machines, Corporate Headquarters and Motivational Quotes
Blogger Widgets