Monday, May 14, 2012

Resistance capability value|ප්‍රතිරෝදක ක්ෂමතා අගය





ප්‍රතිරෝදකයක් තුල විද්‍යුත් ධාරාවක් ගමන් ගන්න විට එම ප්‍රතිරෝදකය තුලින් තාපය ඇතිවී රෙසිස්ටර් එක රත් වීම සිදු වේ මෙම රත් වීම සදහා ඔරොත්තු දෙන රෙසිස්ටර් වර්ග ඔබ මිලදී ගත යුතුය ඒකක කාල ප්‍රමානයක් තුල රෙසිස්ටරයක් තුල ඇති වන තාප ශක්තිය එහි ක්ෂමතා  අගය මගින් දක්වනු ලබයි ක්ෂමතාව මනිනු ලබන ඒකකය වන්නේ වොට් w නම ඒකකයෙනි කිසියම් රෙසිස්ටර් එකක් තුලින් ධාරාවක් ගමන් කිරීමේදී එමගින් ඇතිවන තාප ශක්ති ප්‍රමාණයට ඔරොත්තු දෙන අන්දමේ රෙසිස්ටර් එකක් ඒ සදහා යොදාගත යුතුය සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික් කටයුතු සදහා 0.25 w හෝ 0. 5w ප්‍රතිරෝදක ප්‍රමාණවත්ය මේ හැර විවිධ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි 1w 5w 10 w රෙසිස්ටර් ලබාගත හැක 
ප්‍රතිරෝදක ක්ෂමතා අගය පහත පරිදි ගණනය කල හැක ඒ සදහා සමීකරණ 3 ඇත 


1 ක්ෂමතාව  =  විභව අන්තරය x ධාරාව


2 ක්ෂමතාව   = ධාරාව x ප්‍රතිරෝදකය 


3 ක්ෂමතාව =  විභව අන්තරය x විභව අන්තරය
                                        ප්‍රතිරෝදකය


ක්ෂමතාව P වලින්ද ධාරාව I වලින්ද ප්‍රතිරෝදය R  වලින්ද විභව අන්තරය V වලින්ද ගත් විට ඉහත සම්බන්ධතාවන් සුත්‍ර වලින් ලිවිම කල හැක 


1)  P=VI 
          
          2   
2) P= I   R
          
          2
3) P=V   2
       R
උදාහරණ-:කිසියම් ප්‍රතිරෝදකයක් තුලින් ඇම්පියර් 0.3 ධාරාවක් ගමන් ගන්නා විට එහි දෙපස විභව අන්තරය 6 v වේ එසේ නම් ප්‍රතිරෝදකයේ ක්ෂමතා අගය කොපමණද 


P=VI  නිසා ක්ෂමතාව=6Vx0.3A=1.8 V  වොට් වේ එම හේතුව නිසා එවන් ස්ථාන සදහා සුදුසු වන්නේ 1.8 W වලට ආසන්න ඉහළින ඇති අගයක් සහිත 2W ප්‍රතිරෝදකයකි පරිපථයක් සදහා සැමවිටම අදාල වොට් අගයට වඩ වැඩි අගයක් සහිත ප්‍රතිරෝදක යෙදීම උචිතය 


විචල්‍ය ප්‍රතිරෝදක


විචල්‍ය ප්‍රතිරෝදකවල අගය එහි දක්වා ඇති අගය තුල තමන්ට ඕන විදිහට අවශ්‍යතාව අනුව වෙනස් කිරීමට‍ පුළුවන බේස් පාලනය කිරීමේදී හඩ පාලනය කිරීම වැනි කටයුතු සදහා යොදාගන්න මෙවන් ප්‍රතිරෝදක විභවමාන (Potentiometer) ලෙස හදුන්වනු ලබයි සාමාන්‍ය විබවමාන තුල අග්‍ර 3ක්‌ දැකිය හැකිය  එහි ඇති ඉද්ද ධක්ෂිනවර්තව කරකැවූ විට A Bඅග්‍ර අතර ප්‍රතිරෝදය ක්‍රමයෙන් අඩුවී යයි විචල්‍ය ප්‍රතිරෝධක තුල පිටුපස බොහෝවිට LIN හෝ LOG යන සංකේත යොදා ඇත යොදා ඇති  LIN විචල්‍ය ප්‍රතිරෝධක තුල ප්‍රතිරෝදී අගය එහි ඉද්ද කරකැවෙන ප්‍රමාණයට අනුලෝමව සමානුපාතිකව වැඩිවේ LOG යෝදා ඇති ප්‍රතිරෝදක තුල ප්‍රතිරෝදක අගය වැඩිවෙන්නේ ලඝු ඝනක ක්‍රමයට සමානුපාතික නැතහොත් 10 යේ බල වලට සමනුපතිකවය


 විචල්‍ය ප්‍රතිරෝධක වර්ගයක් වන්නේ පෙර සැකසුම් ප්‍රතිරෝධකයකි එහි මැද ඇති කුඩා සිදුරට කුඩා ඉස්කුරුප්පුවක් නියනකින් තුඩ යොදා කරකවිමෙන් අවශ්‍ය ලෙස එහි අග්‍ර අතර ප්‍රතිරෝදකය සකසාගත හැකිය වරින් වර ප්‍රතිරෝධී අගය වෙනස් කිරීමට‍ඕවශය නොවන කටයුතු සදහා මෙය උචිත වේ



 
ඉලෙක්ට්‍රෝනික් දැනුම සහ විනෝදය © 2012 | Designed by LogosDatabase.com, in collaboration with Credit Card Machines, Corporate Headquarters and Motivational Quotes
Blogger Widgets