Wednesday, May 16, 2012

Condenser|ධාරිත්‍රක (කන්ඩෙන්සර්)

විචල්‍ය  ධාරිත්‍රකය
විද්යුත් විච්චේද ධාරිත්‍රකය
පෙර සැකසුම්  ධාරිත්‍රකය

සාමාන්‍ය ධාරිත්‍රකය

ධාරිත්‍රක යනු ඉන්සියුලෙටරයකත් කන්ඩක්ටරයකත් ඒකාබද්ධ උපකරණයකි  කන්ඩක්ටරය යනු අවහිරයක් නොමැතිව විධුලිය ධාරාවක් ගලයන තඹ යකඩ බෙලෙක් ඇලුමිනියම් වැනි ද්‍රව්‍ය වේ ඉන්සියුලෙටරය යනු ඊට හාත්පසින්ම වෙනස් අන්ධමින් ක්‍රියා කරන විධුලි ධාරාවක් ඒ එතුලින් ගමන කිරීමට‍ නොදෙන මයිකා වැනි විදුරු ප්ලාස්ට්ක් වැනි ද්‍රව්‍ය වේ පරිපථවල බහුලව දැකිය හැකි උපාංගයක් වන්නේ ධාරිත්‍රක වේ ඒවා සැකස ඇත්තේ තුනී ලෝහ පත්‍ර දෙකක් අතරට තුනී පරිවාරක ද්‍රව්‍ය පටල දෙකක් හෝ තුනක් තැබීමෙනි මේවා පාරවිද්‍යුත් ද්‍රව්‍ය ලෙස හදුන්වනු ලබයි  දාරිත්‍රකයක අග්‍ර දෙක බැටරියට සම්බන්ධ කල විට ලෝහ පත්‍ර මත කුඩා විද්යුත් ආරෝපණ ප්‍රමාණයක් ගබඩාවේ පසුව බැටරිය ඉවත් කලද ගබඩාවූ විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය ඒ තුල රැදී පවතී ධාරිත්‍රක තුල පවතින විද්යුතය ගබඩාවිමේ ගුණය එහි ධාරිතාව ලෙස හදුන්වනු ලැබේ ධාරිතාව මැනීමේ සම්මත ඒකකය වන්නේ ‍පැරේඩ් වේ මෙම ඒකකයේ සංකේතය F ය  පැරේඩ් එකක් යනු අති විශාල ආරෝපණ ප්‍රමාණයකි සාමාන්‍ය ධාරිත්‍රකවල ගබඩා කළහැකි වන්නේ ඊට වඩා ඉතා කුඩා විද්‍යුත්  ආරෝපණ වේ එම අගයන් මනිනු ලබන්නේ මයික්‍රෝ පැරේඩ් (uf) නැනෝ පැරේඩ් (nf) පිකෝ පැරේඩ් (pf) වැනි කුඩා ධාරිතා ප්‍රමාණ වලිනි

වැනි කුඩා ධාරිතා ප්‍රමාණ මනින එකක වලින් ප්‍රකාශ කරනු ලැබේ එම එකයන් පහත දැක්වේ  
  • 1 පැරේඩ් (1pf)  =1000000 මයික්‍රෝ  පැරේඩ් (uf)
  • 1 මයික්‍රෝ පැරේඩ් (1uf) =1000  නැනෝ පැරේඩ් (nf)
  • 1නැනෝ පැරේඩ් (1nf) = 1000   පිකෝ පැරේඩ්  (pf)
  • 1 මයික්‍රෝ  පැරේඩ් (1uf) = 1000000  පිකෝ පැරේඩ්  (pf)

ධරිත්‍රකයක ධාරිතා ගුණයට ප්‍රධාන සාදක තුනක් බලපානු ලබයි ඒවානම්
  1. ධාරිත්‍රකවල ලෝහ පත්‍ර වල වර්ගපලය
  2. ලෝහ පත්‍ර අතරට යොදා අති පාරවිද්‍යුත් ද්‍රවයේ ස්වාභාවය 
  3. ලෝහ පත්‍ර දෙක අතර ඇති ධුර යන සාදකයි ලෝහ පත්‍ර වල වර්ගපලය වැඩි විට ධරිතාවද වැඩිවේ පාරවිධ්යුත් ද්‍රව්‍ය වල ස්වභාව අනුවද ධාරිතාව වෙනස්වේ ලෝහ පත්‍ර දෙක අතර දුර අඩු වත්ම ධාරිතා ගුණය වැඩිවේ 

ධාරිත්‍රක සදහා යොදන පරිපත සංකේත

ධාරිත්‍රක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ ඒවානම්
1.   ස්ථිර ධාරිත්‍රක
2.   විචල්‍ය ධාරිත්‍රක
ස්ථිර ධාරිත්‍රක විශේෂයක් වන විද්‍යුත් විච්චේද ධාරිත්‍රක ආරෝපණය කිරීමේදී ඒවායේ අග්‍ර සදහා නිවැරදි විභවයන් සැපයීම කල යුතු වේ එවැනි ධාරිත්‍රකයක රින විභවය සැපයිය යුතු අග්‍රය සමීපයේ රින ලකුණ දක්වා ඇත

ධාරිත්‍රක අගයන් කියවිම

බොහෝ ධාරිත්‍රක ධාරිතා අගය එහි මුද්‍රණය කර ඇත එම අගයන් ඒවායේ දක්වා ඇත්තේ මයික්‍රෝ හෝ පිකෝ පැරේඩ් වලිනි එනමුත් සමහර ඒවායේ අගය අංකික කේත ක්‍රමයට මුද්‍රණය කොට ඇත මේවායේ ධාරිතා අගය අංක 3කින් යුත් සන්ක්‍යවකින් දක්වා ඇත  උදා: 104 නමැති අගය ගනිමු මෙහිදී මුල් සංඛ්‍යා දෙක වන 10 පළමුව ලියන්න ඉන්පසු ඉතිරි වන්නේ 4යි එයින් අදහස් වන්නේ ඔබ විසින් ලියු 10 පසු ලිවිය යුතු බින්දු  සංඛ්‍යාවයි එම ගණන 4කි මුල් ගණනට එම බින්දු එකතු වූ විට අගය 100000 කි මෙය එම ධාරිත්‍රකයේ  අගය වේ එය දක්වා අත්තේ පිකෝ පැරේඩ් වලිනි මෙම අගය මයික්‍රෝ පැරේඩ් වලින් නම් 0.1uF වේ අක්ෂරය වුන විට සහනතාව 10%
අක්ෂරය වුනොත් 5% කි ලෙසින් දක්වුනොත් 2% සහනතාවක්ද ඇත

කේතය                        ධාරිතා අගයpF                 ධාරිතා අගය uF
101                                100                                 0.0001
102                                1000                               0.001
103                                10000                              0.01
104                                100000                            0.1
203                                20000                              0.02
303                                30000                              0.03
473                                47000                              0.47     

තවත් සමහර ධාරිත්‍රකවල අගයන් දක්වන්නේ වර්ණ කේතයන් මගිනි මෙවැනි ධාරිත්‍රක කියවීමේදී යොදා ගන්නේ රෙසිස්ටර සදහා යොදාගත් වර්ණ කේත ක්‍රමය වේ එය වලංගු වන්නේ මුල් වර්ණ කේත 4 ට ය   මෙම ක්‍රමයට ධාරිතා අගය සටහන් කර ඇත්තේ පිකෝ පැරේඩ් වලිනි
  •  උදා-: ඉහල සිට පහළට දුඹුරු කළු තැබිලි  යන වර්ණ තීරු අඩංගු ධාරිත්‍රකයක ධාරිතා අගය වන්නේ

දුඹුරු =1
කළු =0
තැඹිලි =x1000 පිකෝ පැරේඩ් 10000 මෙය මයික්‍රෝ පැරේඩ්  0.001කි එවැනි ධාරිත්‍රක 4වන තීරුව කළු වූ වීට සහන අගය ±20%කි    
සුදු වූ විට ±10% කි කොළ පාට වූ වීට ±5% කි පස් වන වළල්ල මගින් ඔරොත්තු දෙන වෝල්ටීයතාව දක්වයි එය රතු වූ විට 250 v ද කහ පැහැය වූ විට 400v ද උපරිම ඔරොත්තු දේ

ධාරිත්‍රක වර්ග
   විවිධාකාර ධාරිත්‍රක අපට මුණ ගැසෙ විද්යුත් විච්චේද නොවන සහ අධ්‍රැවීය (non-polarised)ධාරිත්‍රක වර්ග බොහොමයක අගය 1uf වලට වඩා අඩු ධාරිතා අගයක් ගනී මෙම ධාරිත්‍රක වර්ග වලට යොදා ඇති පාරවිද්‍යුත් ද්‍රව්‍ය අනුව ඒවා වර්ග කීපයකට බෙදිය හැකිය

සෙරමික් ධාරිත්‍රක
0.1         
0.010.1uf අගයන්ගෙන් දක්වා විවිධ අගයන්ගෙන් මේවා නිපදවයි

කඩදාසි ධාරිත්‍රක

0.001uf දක්වා 1.0 ufතෙක් විවිධ අගයන්ගෙන් නිපදවේ මෙම වර්ගය සකසා ඇත්තේ තුනී ටින් හෝ ඇලුමිනියම් පත්‍ර දෙකක් අතරට සව් කඩදාසි පරිවාරක 3ක් තබා රෝලක් මෙන් ඔතා ගැනීමෙනි මෙසේ සකසා ගත රෝල ඉතා තදින් සිටින සේ ඔතා ඇත

මයිකා ධාරිත්‍රක

50 pf සිට 500pf අගය තෙක් මෙම වර්ගය නිපදවා ඇත මිල වැඩි වන අතර ක්‍රියාකාරීත්වය නිවරධිය
ප්ලාස්ටික් පරිවාරක
විවිදාකාර ප්ලාස්ටික් පරිවාරක යොදා නිපදවනු ලබන මේවා ධාරිත්‍රක අගය නිවැරදිව මට්ට්මේ පවතී පොලියස්ටර් පොලි කාබනේටි පොලිස්ටියරින් පොලිප්රෝපින් වැනි ප්ලස්ටික් ද්‍රව්‍ය පාර විද්‍යුත් ද්‍රව්‍ය ලෙස යොදාගනී

විද්යුත් විච්චේද ධාරිත්‍රක

මේවා වර්ග දෙකකින් ඇත
  1. ඇලුමිනියම් වර්ගය  
  2. ටැන්ටලම් පබළු වර්ගය

ටැන්ටලම්  
ඇලුමිනියම් 
ඇලුමිනියම් වර්ගය සදා ඇත්තේ ඇලුමිනියම් පත්‍ර දෙකක් අතරට විද්‍යුත් විච්චේද වර්ගයක් තැබීමෙනි මෙයට සරල දාරා විදුලිය සැපයු විට එක පත්‍ර යක මත ඇලුමිනියම් ඔක්සයිඩ් තුනී තට්ටුවක් සැදේ මෙම වර්ගවල ධරිත්වය ඉතා විශාලය සාමාන්යෙන් 1uf සිට 8800 uf දක්වා අතර වේ
ටැන්ටලම් පබළු ධාරිත්‍රකය ඇලුමිනියම් වර්ගයට සමාන නමුත් ඉලෙක්ට්‍රෝඩ ලෙස යොදා ගැනෙන නේ ටැන්ටලම් ය ඒවායේ ප්‍රමනයට සාපේක්ෂව ධාරිතා අගය ඉතා විශාලය

 
ඉලෙක්ට්‍රෝනික් දැනුම සහ විනෝදය © 2012 | Designed by LogosDatabase.com, in collaboration with Credit Card Machines, Corporate Headquarters and Motivational Quotes
Blogger Widgets