Friday, May 4, 2012

Custom values of resistors|ප්‍රතිරෝදකවල අබිරුචි අගයන්



ඔයාලට ඕන කරන ඕනෑම අගයකින් යුතු ප්‍රතිරෝදක මිලදී ගැනීම කර නොහැකිය ලෝකය පුරා ඉන්න ප්‍රතිරෝදක නිෂ්පාදනය කරන අය එම ප්‍රතිරෝදක නිපදවන්නේ යම සම්මත නිශ්චිත අගයන්ගේන් වන ශ්‍රේණි කීපයකට අනුවයි මෙම සම්මත අගයන් අබිරුචි අගයන් ලෙස හදුන්වනු ලබයි මෙම අබිරුචි අගයන්ගේ ශ්‍රේනිවලින් E 12 නමැති ශ්‍රේනිවලට අයත්ප්‍රතිරෝදක වෙලදපොලේ නිරන්තරයෙන් දක්නට ඇත ඒවාට අයත් සම්මත අගයන් පහත දැක්වේ

10 12 15 18 22 27 33 39 47 56 68 82

ඔයාලට මෙම අගයන්ගෙන  හරි ඒ අගයන්වල ගුණාකාර හරි උප ගුණාකාර අගයන්ගෙන් රෙසිස්ටර් මිලදීගත හැකිය උදාහරණයක් ලෙස 12 අගය ගනිමු මෙහිදී ඔයාලට අවශ්‍ය ලෙස 1.2 ඕම් 12ඕම්  120ඕම් 1.2මෙගා ඕම් 12මෙගා ඕම් ලෙස විවිද අගයන්ගෙන් රෙසිස්ටේර් මිලදීගැනීමට පුළුවනි ඔබට ඕම් 115 රෙසිස්ටෙර් එකක් ඕන කමක් අතිඋනොත් ඔයාලට E 12 ශ්‍රේණිය අනුව ඔයාලට ගන්න වෙන්නේ 115 ඕම් ආසන්න අගයක් ඇති 120ඕම් ක ප්‍රතිරෝදකයකි ඔයාල මෙම ප්‍රතිරෝදකය පරිපථයට යොදාගැනීම පරිපථයේ ක්‍රියාවලියට බලපාන්නේ නැත

        E 12 ශ්‍රේණියට අමතරව E 24 නම් ශ්‍රේණියක්ද පවතිනවා මෙම ශ්‍රේණියේ අගයන් 10 සිට 100 දක්වා අතර වන අගයන් 24 කින් සමන්විතය

10 11 12 1315 16 18 20 22 24 27 30 33 36 39 43 47 51 56 62 68 75 
82 91

ඔබට මේ අගයන්ගෙන් විවිධ ගුණාකාර හා උපගුනාකර අගයන්ගෙන් විවිධ රෙසිස්ටර් ලබා ගත හැක

BS 1852 කේතය

බ්‍රිතාන්‍යයේ සම්මතයක් වන  BS1852 සම්මතය අනුව නම්කරල ඇති රෙසිස්ටර් ද වෙලදපොලේ දක්නට ලැබේ මෙම ක්‍රමයේදී ඕම්  Ω යන්න දැක්වීමට R  අකුර යොදාගන්නවා 15Rයනු 15 Ω ඕම් 2R2 යනු 2.2 Ωය කිලෝ ඕම් KΩ දැක්වීමට මෙම ක්‍රමය යටතේ Kඅක්ෂරය යොදා ගනී ඒ අනුව 10K යනු 10 KΩ ය 8K2 යනු 8.2 KΩ වේ මෙගා ඕම් MΩ දැක්වීමට මෙම ක්‍රමය යටතේ M ලකුණ යොදා ගනී 1M2 යනු 1.2 MΩ ය 10 Mයනු 10MΩ ය  මෙම ක්‍රමය යටතේ සහන අගය දක්වා ඇත්තේද අක්ෂර කෙතයකිනි  F=±1% G=±2% J=±5 K=±20%

                                     
සමහරවිට වර්ණ වළලු 5ක් ඇති රෙසිස්ටර් ද දක්න‍ට ලැබේ ඒවායේ අගයන්ද ගණනය කරන්නේ වර්ණ වළලු 4 ක ඇති රෙසිස්ටර් වල කල ආකාරයෙනි

 පළමුව මුල් වර්න වළලු 3 අගයන් අනු පිළිවෙලින් ලියන්න ඉන් පසු 4 වන වළල්ලේ අගයෙන් එම සංක්‍යාව ගුණ කරන්න ඒ සදහා යොදාගන්නේ ප්‍රතිරෝදක වර්ණ කේත වගුවේ තෙවන වළල්ලට හිමි ගුණාකාර අගයයි මේ අනුව රතු පාට වර්ණ වළලු 5 ක් ඇති රෙසිස්ටර් වල අගය වන්නේ 22200 Ω වේ නැතිනම් කිලෝ ඕම් වලින් නම් 22.2 ක වේ මෙහි සහන අගය 5 වළල්ලෙන් දැකිය හැක එය රතු වන නිසා අගය 2% වේ
                            222x100 =22200 Ω

 
ඉලෙක්ට්‍රෝනික් දැනුම සහ විනෝදය © 2012 | Designed by LogosDatabase.com, in collaboration with Credit Card Machines, Corporate Headquarters and Motivational Quotes
Blogger Widgets