Friday, April 6, 2012

resistor|රෙසිස්ටර්












ඉලෙක්ට්‍රෝනික බාන්ඩ වල බහුලව දැකිය හැකි උපාංගයක් ලෙස හදුන්වා දිය හැක්කේ රෙසිස්ටර් නොහොත් ප්‍රතිරෝධකයයි පරිපතයකට ප්‍රතිරෝදක යෙදු විට එය තුලින් ගමන්  ගන්නා විදුලි ධාරාව එයට යොදා ඇති ප්‍රතිරෝදක වල ප්‍රතිරෝදී අගය අනුව පාලනය වේ එනම් පරිපථයක් තුලින් ගමන් ගන්නා විදුලි ධාරාව අවශ්‍ය ලෙස පාලනය කිරීම සදහා ප්‍රතිරෝදක යොදාගනු ලබයි  පරිපථ වලට ප්‍රයෝගිකව දීම සදහා අපගේ අවශ්‍යතාව අනුව විවිද ප්‍රතිරෝදක වෙළදපලෙන් මිලදීගත හැකිය එමෙන්ම මෙම ප්‍රතිරෝදක ප්‍රදාන කොටස් තුනකට බෙදා දැක්විය හැක
  1.   ස්ථිර ප්‍රතිරෝදක
  2.   විචල්‍ය ප්‍රතිරෝදක
  3.   විශේෂ ප්‍රතිරෝදක
පරිපථයක විදුලි ගමනට ප්‍රතිරෝදක මගින් ඇති කරන බාදක ප්‍රමාණය මැන දක්වන්නේ  ඕම් (Ω) නමැති ඒකකයෙනි ඕම් යන්නෙහි සංකේතය ග්‍රීක ඔමේගා  (Ω) අකුරයි වඩා වැඩි ඕම් අගයන් කිලෝ ඕම් () සහ මෙගා ඕම් () යන අගයන්ගෙන් දක්වනු ලබයි
ඕම් ප්‍රමාණ සමග එම එකක දක්වන සම්බන්ධතා
  1.   1000Ω=1(කිලෝ ඕම් )
  2. 1000=1(මෙගා ඕම් )
  3. 1000000 Ω=1(මෙගා ඕම්)
ප්‍රතිරෝදක බොහෝ දුරට ක්‍රියාත්මක වන්නේ විද්‍යුතයේ එන ඕම් Ω නියමයනට අනුවය එම නියමයට අනුව සන්නායක යම් ස්ථාන දෙකක් අතර ඇති විභව අන්තරය එය තුලින් ගමන් ගන්නා ධාරාවෙන් බෙදු විට එම සන්නායකයේ එම ස්ථාන දෙක අතර ඇති ප්‍රතිරෝදී අගය විදුලි ගමනට ඇති බාදක අගය ලැබේ මෙහිදී දාරාව ඇම්පියර් වලින්ද විභව අන්තරය වෝල්ට් වලින්ද මනිනු ලබයි

විභව අන්තරය ÷ධාරාව = ප්‍රතිරෝදය 
උදා :-පරිපථයක (ν)වෝල්ට් 12 විභව අන්තරයක් ඇති ස්ථාන දෙකක් අතරින් (Α)ඇම්පියර් 4ක ධාරාවක් ගමන් ගන්නේ නම් එම ස්ථාන දෙක අතර ඇති ප්‍රතිරෝදය සොයන්න
12 ν÷4Α=3 Ω
ඉහත නියමයන්ට අනුව විබව අන්තරය ÷ප්‍රතිරෝදකය =ධාරාව ලෙසට දැක්විය හැකිය ඒ අනුව වෝල්ට් 6ක විභව අන්තරයක් ඇති ස්ථාන දෙකක් අතර ප්‍රතිරෝදී අගය 100 Ω නම් එම ප්‍රතිරෝදය තුලින් ගලන ධාරාව වන්නේ
6ν÷100 Ω=0.06Α වේ

ස්ථිර ප්‍රතිරෝදක


ස්ථිර ප්‍රතිරෝදකයක දක්වා ඇති ප්‍රතිරෝදී අගයන් පහසුවෙන් වෙනස් කල නොහැක ඉලෙක්ට්‍රොනික කටයුතු සදහා යොදාගන්න බොහෝ රෙසිස්ටර් ඉතාමත් කුඩාය ඒවායේ ප්‍රතිරෝදී අගයන් ඒ මත මුද්‍රණ කිරීම පහසු නොවේ එම නිසා මේවට එහි අගය ඕනෑම අතක සිට පහසුවෙන් කියවිය හැකි ලෙස එක්තරා සම්මත වර්ණ කේතයකට අනුකුලව වර්ණ වළලු කීපයක් මගින් අගයන් දක්වා ඇත












රුපයේ දක්වා ඇත්තේ එවැනි ප්‍රතිරෝදක වර්ණ වළලු දක්වා ඇති ආකාරයයි මෙම වළලු ප්‍රතිරෝදකයේ එක අග්‍රයකට ආසන්නව පිහිටා ඇත ප්‍රතිරෝදකයේ අගය කියවිය යුත්තේ එම අග්‍රයේ සිට ඉදිරියට අනුපිලිවෙලිනි  මෙම වර්ණයන්ට අදාල සංක්‍යා අගයන් පහත වගුව නිරීක්ෂණය මගින් ඔබට වටහා ගත හැක



වර්ණය
පළමු වළල්ල
දෙවන වළල්ල
තෙවන වළල්ල
සහන වළල්ල
කළු
0
0
X1

දුඹුරු
1
1
X10
±1
රතු
2
2
X100
±2
තැඹිලි
3
3
X1000
±3
කහ
4
4
X10000
±4
කොළ
5
5
X100000

නිල්
6
6
X1000000

දම්
7
7
X10000000

අළු
8
8
X100000000

සුදු
9
9
X

රන්
-
-
X0.1
±5
රිදී
-
-
X0.01
±10



  රුපයේ ඇති රෙසිස්ටරයේ වර්ණ කේත අනුව දුඹුරු ,කළු ,රතු , යන ප්‍රතිරෝදකයක අගය සොයමු
දුඹුරැ =1, කළු =0 එම අගයන් දෙක අනුපිළිවෙලින් ලියු විට 10 ලැබේ එම අගය තෙවනුව ඇති රතු පැ‍හැති වළල්ලේ අගයෙන් වැඩිකරන්න10 X100=1000 ක වේ මෙය එම ප්‍රතිරෝදකයට හිමි ඕම් අගය වේ එහි ඕම් අගය 1000 ක් වේ 1000 Ω ප්‍රතිරෝදකයේ අඩංගු සිව්වන වළල්ල සහන වළල්ල  ලෙස හදුන්වයි එම රෙසිස්ටරය පිළිබද යම් වටහා ගැනීමක් කල හැක ප්‍රතිරෝදක නිපදවීමේදී ඒවා මහාපරිමාණ ලෙසින් නිපදවනු ලබයි එවැනි අවස්ථාවලදී එම ප්‍රතිරෝදකයේ දක්වා ඇති අගය විවිඩ් හේතු නිසා සුළු වශයෙන් විචල්‍ය විය හැක ප්‍රතිරෝදකයේ සහන වළල්ල මගින් දක්වා ඇත්තේ මෙම වෙනස් වන ප්‍රතිරෝදී අගය ප්‍රමාණය වේ


 











ඉහත ප්‍රතිරෝදකයේ සහන වළල්ලේ පැහැය රන් පැහැයයි එවිට එම ප්‍රතිරෝදකයේ නිවැරදි ප්‍රතිරෝදී අගය දක්වා ඇති අගයෙන් 5% පරාසයක් තුල පිහිටා ඇත ඒ අනුව ඉහත ප්‍රතිරෝදකයේ අගය වන 1000 Ω වලින් 5% ක් වන්නේ 50කි එවිට එම ප්‍රතිරෝදකයේ සත්‍ය අගය වෙන්නේ 950 Ω සහ 1050 Ω අතරතුර පිහිටයි සහන වළල්ල නොමැති ප්‍රතිරෝදක තුල ප්‍රතිරෝදී අගය එහි නියමිත අගයෙන් 20% ක උපරිම  හෝ අවම පරාසයක් තුල පිහිටා තිබේ

 
ඉලෙක්ට්‍රෝනික් දැනුම සහ විනෝදය © 2012 | Designed by LogosDatabase.com, in collaboration with Credit Card Machines, Corporate Headquarters and Motivational Quotes
Blogger Widgets